අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් බ්‍රෙස්ට් 600g පමණ ප්‍රමාණයක් කෑලි 4කට කපලා
වියලි පාසලි මේස හැඳි 1
වියලි ඔරිගානෝ තේ හැඳි 3/4
වියලිතයිම් තේ හැඳි 1
වියලිරෝස්මරි තේ හැඳි 1
වියලි බැසිල් තේ හැඳි 3/4
බටර් මේස හැඳි 2 දියකරගෙන
මි පැණි මේස හැඳි 3
දෙහි යුෂ මේස හැඳි 3
සෝයා සෝස් මේස හැඳි 2
ගම්මිරිස් තේ හැඳි 1
පොතු සුද්ද කරගත් සුදුලුනු බිකි4
පොත්ත ඉවත් කරගත් ඉඟුරු 2 cm පමණ කැබැල්ලක්
මුලින්ම සුදුලුනු බිකි සහඉඟුරු හොඳින් වංගෙඩියේ දාල හොඳට කොටාගන්න.. දැන් මේ මිශ්‍රණය සමඟ කුකුල් මස් කැබලි වලට එකතුකරලා කවලම් කරමින් අනිත් සියලුම රෙසිපියේ ඇති කළමනා එකතු කර කවලම් කර අවං උෂ්ණත්ව 250ට රත් කරන ලද අවං එකකට බේක් කරන්නගන්නා පයිරෙක්ස් හෝසෙරමික් බෝල් එකකට මේ චිකන් අසුරා එහි යුෂද දමා හොඳින් රන්වන් පාට වනතුරු විනාඩි40 පමණ දෙපැත්ත පෙරලමින් බේක් කරගන්න..ඉන්පසු බේක් කරගත් චිකන් කැබලි අවං එකෙන් ගෙන නැවත හොඳට දෙහි යුෂ ඉහා මේසෙට යවන්න තියෙන්නේ හොඳේ..
No comments:
Post a Comment