Tuesday, June 21, 2016

බෝංචි කලුපොල් මාළුව


ඔන්න මේ තියෙන්නේ කලුපොල් කියන වචනයට ගැලපෙන ලෙස හදපු බෝංචි කළු පොල් මාළුව..ගොඩාක් වෙලාවට අපි නොයකුත් කෑම වර්ග වලට පොල් බැදලා වගේම හාල් පොල් බැදලා කුඩු කරලා එකතු කරනවා ..හැබැයි අපි පාවිච්චි කරන එළවලුව අනුව යොදාගන්න දේවල් වෙනස් වෙනවා නම් රසට , ඒ ඒ එලවලුවට ගැලපෙන විදියට හදාගන්න පුළුවන් වෙනවා .. ගොඩාක් වෙලාවට බෝංචි කලුපොල් මාළුවක් ගැන අහල නැති වෙන්න පුළුවන් .. ඒත් මේ බෝංචි වලිනුත් රසවත්ව මේ කළුපොල් මාළුවක් හදාගන්න පුළුවන් හොඳේ ..
අවශ්‍ය ද්‍රව්‍ය:
අල්ලක් තරමේ දිග ලපටි බෝංචි කරල් 30 / මේ මම ගත්ත විදියට හොඳේ
කපාගත් ළුණු ගෙඩි 1/4
කපාගත් අමු මිරිස් කරල් 3
කරපිංචා ටිකක්
කුරුඳු ලොකු පොත්තක්
සුදුලුනු බිකි 2
කළුපොල් මිශ්‍රණයට අවශ්‍ය දේවල් '
පොල් මේස හැඳි 2
හාල් මේස හැඳි 1
උම්බලකඩ මේස හැඳි 2
අබ ඇට තේ හැඳි 1/2
දැන් මුලින්ම හාල් ටික බැදෙන්නට හරින්න .. හාල් ලා දුබුරු වෙනකොට උම්බලකඩ එකතු කරලා හොඳට දහාල් දුබුරු පැහැ වෙන්න බැදී ගෙන එනකොට පොල් එකතු කරලා හොඳට සුවඳ එන්න බැදලා ලිප නිවල අබ ඇට ටිකත් කවලම් කරලා ඒ රස්නෙන් ම චුට්ටක් බැදලා ඔක්කොම හොඳට කුඩු කරගන්න
මම බෝංචි හදන්න වෙනම කරි පවුඩර් එකක් හදාගෙන තියාගන්නවා ..මෙන්න මේ විදියට
සුදුරු 20 g
මහදුරු 10 g
කොත්තමල්ලි 20 g
කරපිංචා මේස හැඳි 3
එනසාල් 1
කරාබු නැටි 2 මේ ඔක්කොම එකට දාල විනාඩි 5 වගේ අඩු ගින්දරේ හොඳට බැදලා කුඩු කරලා සුවඳ කුඩු එකක් හදාගෙන ඉන්නේ .. මෙන්න මේක බෝංචි මෑකරල් වලට හොඳටම ගැලපෙනවා .. තව මෑකරල් ,බෝංචි එක්ක සැමන් තෙම්පරාදුවටත් හොඳටම ගැලපෙනවා ..ඉතින් මෙන්න මේ සුවඳ කුඩු වලින් තේ හැඳි 1 1/4 පමණ
මිරිස් කුඩු මේස හැඳි 1 1/2
කහ කුඩු සහ ගම්මිරිස් කුඩු ටික බැගින්
අමු තුනපහ මේස හැඳි 1 පමණ
ලුනු රස පරිදි
මුලින්ම බෝංචි වල නැටි පමණක් කඩා හොඳින් සෝදා වතුර නැති වෙන්න හොඳට කිචං ටවල් එකකින් පිහල අමු ගතිය යන්නට බැදලා ගන්න .. බෝංචි බදින්න ගොඩාක් තෙල් ඕනේ නැහැ .. මොකද හරිම ඉක්මනට බැදෙන නිසා තෙල් ටිකක් දාල බැදලා ගන්න පුළුවන් .. ඉන්පසු ඉතිරි කළමනා සියල්ල එක්ක සාස්‌ පාන් එකකට එකතු කර සාදාගත් කලුපොල් මිශ්‍රණය සහ සාදාගත් කරි පවුඩර් මිශ්‍රණය එකට දමා වතුර මේස හැන්දක් දමා හොඳින් වංගෙඩියේ දමා නැවත පොඩ්ඩක් කොටාගෙන එම පේස්ට් එකද එකතු කර දියකිරි පොඩ්ඩකින් මුලින් ලිප තබන්න ,, ඉන්පසු මිටි කිරි එකතු කර රස පරිදි ලුනු දමා ලිපෙන් බා මේසෙට යවන්න .. හරිම රසවත්ව සහ සුවඳවත්ව හදාගන්න පුළුවන් වෙනවා ..

No comments:

Post a Comment