Tuesday, June 21, 2016

මී පැණි බටර් මිශ්‍ර බේක් කරන ලද චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය:
චිකන් බ්‍රෙස්ට් 600g පමණ ප්‍රමාණයක් කෑලි 4කට කපලා
වියලි පාසලි මේස හැඳි 1
වියලි ඔරිගානෝ තේ හැඳි 3/4
වියලිතයිම් තේ හැඳි 1
වියලිරෝස්මරි තේ හැඳි 1
වියලි බැසිල් තේ හැඳි 3/4
බටර් මේස හැඳි 2 දියකරගෙන
මි පැණි මේස හැඳි 3
දෙහි යුෂ මේස හැඳි 3
සෝයා සෝස් මේස හැඳි 2
ගම්මිරිස් තේ හැඳි 1
පොතු සුද්ද කරගත් සුදුලුනු බිකි4
පොත්ත ඉවත් කරගත් ඉඟුරු 2 cm පමණ කැබැල්ලක්
මුලින්ම සුදුලුනු බිකි සහඉඟුරු හොඳින් වංගෙඩියේ දාල හොඳට කොටාගන්න.. දැන් මේ මිශ්‍රණය සමඟ කුකුල් මස් කැබලි වලට එකතුකරලා කවලම් කරමින් අනිත් සියලුම රෙසිපියේ ඇති කළමනා එකතු කර කවලම් කර අවං උෂ්ණත්ව 250ට රත් කරන ලද අවං එකකට බේක් කරන්නගන්නා පයිරෙක්ස් හෝසෙරමික් බෝල් එකකට මේ චිකන් අසුරා එහි යුෂද දමා හොඳින් රන්වන් පාට වනතුරු විනාඩි40 පමණ දෙපැත්ත පෙරලමින් බේක් කරගන්න..ඉන්පසු බේක් කරගත් චිකන් කැබලි අවං එකෙන් ගෙන නැවත හොඳට දෙහි යුෂ ඉහා මේසෙට යවන්න තියෙන්නේ හොඳේ..

බෝංචි කලුපොල් මාළුව


ඔන්න මේ තියෙන්නේ කලුපොල් කියන වචනයට ගැලපෙන ලෙස හදපු බෝංචි කළු පොල් මාළුව..ගොඩාක් වෙලාවට අපි නොයකුත් කෑම වර්ග වලට පොල් බැදලා වගේම හාල් පොල් බැදලා කුඩු කරලා එකතු කරනවා ..හැබැයි අපි පාවිච්චි කරන එළවලුව අනුව යොදාගන්න දේවල් වෙනස් වෙනවා නම් රසට , ඒ ඒ එලවලුවට ගැලපෙන විදියට හදාගන්න පුළුවන් වෙනවා .. ගොඩාක් වෙලාවට බෝංචි කලුපොල් මාළුවක් ගැන අහල නැති වෙන්න පුළුවන් .. ඒත් මේ බෝංචි වලිනුත් රසවත්ව මේ කළුපොල් මාළුවක් හදාගන්න පුළුවන් හොඳේ ..
අවශ්‍ය ද්‍රව්‍ය:
අල්ලක් තරමේ දිග ලපටි බෝංචි කරල් 30 / මේ මම ගත්ත විදියට හොඳේ
කපාගත් ළුණු ගෙඩි 1/4
කපාගත් අමු මිරිස් කරල් 3
කරපිංචා ටිකක්
කුරුඳු ලොකු පොත්තක්
සුදුලුනු බිකි 2
කළුපොල් මිශ්‍රණයට අවශ්‍ය දේවල් '
පොල් මේස හැඳි 2
හාල් මේස හැඳි 1
උම්බලකඩ මේස හැඳි 2
අබ ඇට තේ හැඳි 1/2
දැන් මුලින්ම හාල් ටික බැදෙන්නට හරින්න .. හාල් ලා දුබුරු වෙනකොට උම්බලකඩ එකතු කරලා හොඳට දහාල් දුබුරු පැහැ වෙන්න බැදී ගෙන එනකොට පොල් එකතු කරලා හොඳට සුවඳ එන්න බැදලා ලිප නිවල අබ ඇට ටිකත් කවලම් කරලා ඒ රස්නෙන් ම චුට්ටක් බැදලා ඔක්කොම හොඳට කුඩු කරගන්න
මම බෝංචි හදන්න වෙනම කරි පවුඩර් එකක් හදාගෙන තියාගන්නවා ..මෙන්න මේ විදියට
සුදුරු 20 g
මහදුරු 10 g
කොත්තමල්ලි 20 g
කරපිංචා මේස හැඳි 3
එනසාල් 1
කරාබු නැටි 2 මේ ඔක්කොම එකට දාල විනාඩි 5 වගේ අඩු ගින්දරේ හොඳට බැදලා කුඩු කරලා සුවඳ කුඩු එකක් හදාගෙන ඉන්නේ .. මෙන්න මේක බෝංචි මෑකරල් වලට හොඳටම ගැලපෙනවා .. තව මෑකරල් ,බෝංචි එක්ක සැමන් තෙම්පරාදුවටත් හොඳටම ගැලපෙනවා ..ඉතින් මෙන්න මේ සුවඳ කුඩු වලින් තේ හැඳි 1 1/4 පමණ
මිරිස් කුඩු මේස හැඳි 1 1/2
කහ කුඩු සහ ගම්මිරිස් කුඩු ටික බැගින්
අමු තුනපහ මේස හැඳි 1 පමණ
ලුනු රස පරිදි
මුලින්ම බෝංචි වල නැටි පමණක් කඩා හොඳින් සෝදා වතුර නැති වෙන්න හොඳට කිචං ටවල් එකකින් පිහල අමු ගතිය යන්නට බැදලා ගන්න .. බෝංචි බදින්න ගොඩාක් තෙල් ඕනේ නැහැ .. මොකද හරිම ඉක්මනට බැදෙන නිසා තෙල් ටිකක් දාල බැදලා ගන්න පුළුවන් .. ඉන්පසු ඉතිරි කළමනා සියල්ල එක්ක සාස්‌ පාන් එකකට එකතු කර සාදාගත් කලුපොල් මිශ්‍රණය සහ සාදාගත් කරි පවුඩර් මිශ්‍රණය එකට දමා වතුර මේස හැන්දක් දමා හොඳින් වංගෙඩියේ දමා නැවත පොඩ්ඩක් කොටාගෙන එම පේස්ට් එකද එකතු කර දියකිරි පොඩ්ඩකින් මුලින් ලිප තබන්න ,, ඉන්පසු මිටි කිරි එකතු කර රස පරිදි ලුනු දමා ලිපෙන් බා මේසෙට යවන්න .. හරිම රසවත්ව සහ සුවඳවත්ව හදාගන්න පුළුවන් වෙනවා ..

චීස් පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය:
මැකරෝනි/පැස්ටා ග්‍රෑම් 400ක්
ස්කිම්ඩ් මිල්ක් අඬු කෝප්ප දෙකක් (කිරි පිටි නං හරියනවද දන්නේ නෑ)
ග්‍රේට් කරගනිපු චීස් අඬු කෝප්පයක්
තක්කාලි ගෙඩි තුනක් (පොඩි ඒවා, කො‍ටු කපාගන්න)
ග්‍රේටඩ් පාමිසන් චීස් කෝප්ප තුනෙන් එකක් (තියෙනවනං විතරක්)
සාදන ක්‍රමය:
ඉස්සෙල්ලා පැස්ටා/මැකරෝනි පැකට් එකේ තියෙන විදියට තම්බගන්න. සාමාන්‍යයෙන් නටන වතුරේ විනාඩි 10ක් තියල බේරුවම හරි. ලුණු, කහ පොඩ්ඩක් දැම්මට වරදක් නෑ.
අවන් එක ප්‍රී හීට් වෙන්න තියන්න 180 විතර.
තෙල් පෑන් එකක රත් කරල පිටි දාල කලවම් කරන්න. ඒකට අබ ටිකක් දාන්න (තේ හැන්දක් ඇති). දැන් පාප්පයක් වගේ තියෙන්න ඕන. ඒකට කිරි ටික දාල තව විනාඩි 5ක් විතර රත් කරගන්න. මේක හොඳට කලවම් කර කර කරන්න ඕන. දැන් එනව නිකං සුදු පාට සෝස් එකක් වගේ එකක්. දැන් බර්නර් එක වහල චීස් ටික දාල කලවම් කරන්න. රස්නෙට චීස් දියවෙලා ගොඩක් උකු පේස්ට් එකක් හැදෙයි. මතක තියාගන්න පිටි කැටි නොගැසෙන්න කලවම් කරන්න ඕන.
මේකට පැස්ටා, තක්කාලි, පාස්ලි දාල කලවම් කරල ඕන ගානට ලුණු ගම්මිරිස් දාගන්න.
දැන් පයිරෙක්ස් බාජනේකට මේක දාල උඩින්
පාමිසන් චීස් ඉහල රත් වෙච්ච අවන් එකේ 180 විනාඩි 25ක් බේක් කරගන්න. (පාමිසන් චීස් රන්වන් දුඹුරු පාට වෙනකං)

Monday, June 20, 2016

පෑන් කේක්

පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
කිතුල් පැණි මිලී 50
සීනි ටිකක
ලුණු අවශ්‍ය පමණ
පොල් අවශ්‍ය පමණ
කුඩුකරගත් රටකජු
වැනිලා ස්වල්පයක්
පැණිපොල් සාදන ආකාරය
පැණි, සීනි, ලුණු මිශ්‍රකර ලිපතබා රත්වනවිට පොල් එකතු කර හොදින් කලවම් කරන්න. පැණිපොල් පදම එනවිටදී වැනිලා දමා කලවම් කර කුඩුකරගත් රටකජු එක්කරන්න.
පෑන් කේක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
උළුදු පිටි ග්‍රෑ 125
හාල්පිටි ග්‍රෑ 30
ලුණු ස්වල්පයක්
බිත්තරයක්
කහ කුඩු අවශ්‍ය පමණට
සීනි තේ හැදි 1 ක් පමණ
නිවාගත් වතුර හෝ පොල්කිරි ස්වල්පයක්
උණුකර නිවාගත් බටර් තේහැදි 1
ඉහත ආකාරයට සකස්කරගත් පොල්පැණි
පෑන් කේක් සාදන ආකාරය
උදුපිටි හා හාල්පිටි කලවම්කර පසෙකින් තබන්න. බිත්තර සහ ලුණු ස්වල්පයක් බදුනකට දමා හොදට ගසාගන්න. නැවත ඊට සීනි හා උණුකර නිවාගත් බටර් දමා හොදින් ගසාගන්න. මෙම මිශ්‍රණයට උදු පිටි හා හාල්පිටි මිශ්‍රණය ටික ටික එකතු කරන්න. පසුව එය හොදින් ගසාගෙන මිනිත්තු 15ක් වසා තබන්න. දැන් පිටි මිශ්‍රණය ගෙන තැටියක යන්තමින් බටර් හෝ තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රොටියක් ආකාරයට තුනීකර පුළුස්සා ගන්න. පසුව බදුනෙන් ඉවත්කර රස්නය තිබියදීම පැණි පොල් මිශ්‍රණය තබා රෝල්කර කෑමට ගන්න.

වටලප්පන්


අවශ්‍යය ද්‍රව්‍ය:
හකුරුග්‍රෑම් 250
බිත්තර 5
මිටි කිරි අඬු කෝප්ප 1 1/4
වැනිලා ස්වල්පයක්
කරදමුංගු 2
කරාඹුනැටි 3
කජු මද 10
වියලි මිදි ග්‍රෑම් 10

සාදන අයුරු:
මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල හොඳින් දිය කර ගන්න. දිය කරගත් මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කැබලි තිබිය හැක. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් වුවද භාවිතා කළ හැකිය. දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න. එවිට බිත්තර ටික හොදින් බීට් වෙලා තියේවි. බිත්තර වලට දිය කරගත් හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින් බීට් කරගන්න. අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න. සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක, බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති කරනවා මෙන්ම හොඳ රසයකුත් වටලප්පමට එක්කරනවා.
ඇලුමිනියම් බඳුනක හෝ තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න. බඳුනේ කට තෙල් කරදාසියකින් හෝ ඇලුමිනියම් පත්‍රයකින් හෝ ආවරණය කරන්න. පීඩන උදුනනක (Pressure Cooker) නම් විසිල් 5ක් යනතුරු තම්බා ගන්න. හුමාලයෙන් තම්බා ගන්නවා නම් ස්ටීමරය (Steamer) තුළ බහා විනාඩි 30 – 45 ක් (හොඳින් හුමාලය පිට වීමට ගත්තාට පසු) අතර කාලයක් තම්බා ගන්න. කජු සහ වියළි මිදි උඩින් ඉස ශීතකරණයක බහා සිසිල් වු පසු සංග්‍රහ කරන්න.

චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:
පිටි 500g
දෙහි යුෂ තේ හැදී 2
බටර් 200
ලුණු ස්වල්පයක්
බේකිං පවුඩර් තේ හැදී 2
පිරවුම සදහා
බටර් 75g
පුහුල් දෝසි 250g
බිත්තර 4
කජු 125g
සීනි 250g
රෝස් එසන්ස් තේ හැදී 1/2
ආමන්ඩ් එසන්ස් තේ හැදී 1/2
සාදික්කා,කරදමුංගු,කරාබුනැටි ( තලාගත් ) 3
සාදන ක්‍රමය :
පිටි බදුනකට දමා එයට බටර් ස්වල්පය බැගින් දමමින් පාන් කුඩු මෙන් සැලෙන ආකාරයට ඇගිලි තුඩු වලින් කවලම් කරන්න.ඉන්පසු දෙහි යුෂ,අයිස් වතුර ස්වල්පයක් ද එක්කොට අතෙහි නොඇලෙන පදමට අනාගන්න.
පිරවුම සදා ගන්නා ක්‍රමය :
පුහුල් දෝසි,කජු ආදිය සිහින්ව කපාගන්න.බිත්තර කහමද සහ සීනි හොදින් ගසන්න.ඉන්පසුව එසන්ස් වර්ග දමා හොදින් මිශ්‍රකර ගන්න.දැන් මුලින් සාදාගත් පිටි බදාමය තුනීකර රවුම් කටරයකින් එක් එක් රවුම බැගින් කපන්න.බටර් තවරාගත් තැටි මත මෙම පේස්ට්‍රිය තුනිකොට පටි ආකාරයට තීරු කපා එය කතිරයක් සේ මතුපිටින් දමා උඩින් කජු කැබලි ඉස මිනිත්තු 25ක් පමණ උදුනේ තබා පුළුස්සා ගන්න.

ඩෝනට්

අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පිටි 200g
යීස්ට් 5g
බිත්තර 1
සීනී තේ හැදි 1
බටර් මේස හැදි 1
මද රස්නේ කිරි 100 ml
ලුනු
සාදන ක්‍රමය:
මුලින්ම පිටි භාජනයකට දමා එයට යීස්ට් ,සීනි, බටර් ,දමා කලවම් කර ගන්න.
එයට ගසා ගත් බිත්තරය, ලුනු එකතු කරන්න.දැන් එයට මද රස්නේ කිරි ටික ටික එකතු කරමින් අනා ගන්න. අතේ නොඇලෙන පදම එන තෙක් විනාඩි 10 ක් විතර.
ඩෝ එක පැයක් පමන පිපෙන්න‍ට තබා ගන්න. පසුව එය පිටි ඉස ගත් මතු පිටක තබා රෝලින් පින් එකකින් හෝ අතින් තුනී කර ගන්න.( අගල් 1/2 විතර ගනකමට)
පසුව තුනී කර ගත් ඩෝ එක මත වීදුරැවකින් හෝ ඩෝනට් කටර් එකකින් රවුම් කපා ගන්න. ඒ මැද පොඩි රවුමක් කපා ගන්න. ( මම පොඩි බෝතල් මුඩියක් ගත්තේ)
ඒ කපා ගත් ටික පැය 1/2 විතර පිපෙන්නට තබා ගැඹුරැ තෙලේ බැද ගන්න. ( මද රස්නෙන්)
පසුව දියකර ගත් චොකලට් මත ඩෝනට් දමා හැඩ කර ගන්න.

සුදුලූනු අච්චාරුව


අවශ්‍ය දේවල්:
සුදුලූනු බික් කෝප්පයක්-දෙකක්
කොච්චි මිරිස් ( මම ගත්තෙ රතුකොච්චි මිරිස්. ගොඩක් සැර නම් නැහැ ) - කෝප්පයක්
අබ තේ හැන්දක්
සූදුරු තේ හැන්දක්
කරාබු නැටි කිහිපයක්
එන්සල් කරල් කිහිපයක්
මිරිස් කුඩු,කහ කුඩු, තුනපහ කුඩු ස්වල්පයක්
රස අනුව ලුනු
තෙල්
විනාකිරි කෝප්ප බාගයක්
සාදන ආකාරය:
සුදු ලූනුවල පොතු හැර සෝදා ගන්න. වතුර වියලා ගෙන එක දික් අතට දෙකට කපා ගන්න. කොච්චිත් සෝදා වතුර වියලා ගන්න. තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත් වී විට සුදුලූනු දමා බැද ගන්න. ගොඩක් දුඹුරු පාට වෙනකම් බදින්න ඕන නැහැ. යන්තම් දුඹුරු පාටට හැරීගෙන එන විට සුදුලූනු තෙලෙන් ඉවතට ගෙන ටිශූ පේපර් එකක් මත තියා තෙල් බේරා ගන්න. කොච්චිත් මේ විදියටම බැද ගන්න ඕන. හැබැයි උනු තෙලෙන් කොච්චි බදින කොට පරිස්සම් වෙන්න. මොකද කොච්චි පුපුරන කොට තෙල් විසිවෙන නිසා. ඒ නිසා මිරිස් රත් වූ තෙලට දානකොට ලිප වහලා දාන්න. තෙල් රත්වෙලා තියන නිසා මිරිස් ටික වෙලාවක් ඒ රස්නෙන් බැදුනම ඇති. එයත් තෙල් බේරෙන්න තියන්න. ඒ අතරෙ අබ සහ සූදුරු එකට අඹරා ගන්න. මතක තියා ගන්න අබ වැඩි උනොත් තිත්ත රසක් එනවා. ඒ නිසා සුදුලූනු කෝප්පයක් - දෙකක් විතර ගත්තත් අබ තේ හැන්දක් හොදටම ඇති. කරාබු නැටි දෙක තුනත්, එන්සල් කරල් කිහිපයත් තලා ගන්න. දැන් මැටි හට්ටියක් ලිපේ තියලා එයට විනාකිරි දාන්න. විනාකිරි උතුරන විට මිරිස්කුඩු, කහ, තුනපහ කුඩු දාන්න. එයටම අබ- සූදුරු පේස්ට් එක , කරාබු නැටි- එන්සල් කරල් කිහිපය සහ ලුනු එකතු කරන්න. දැන් බැදගත් සුදුලූනු සහ කොච්චි මිරිස් එකතු කර හොදින් කලවම් කරන්න. විනාකිරි ටික හිදෙනතුරු ලිපේ තියලා හට්ටිය ලිපෙන් ඉවත් කරන්න. නිවෙනතුරු හට්ටිය පියනෙන් වහන්න එපා. හොදින් නිවුනට පස්සෙ බෝතල්වල අසුර ගන්නත් පුලුවන්. දවසක් දෙකක් තියල කෑමට ගන්න

වෙජිටබල්ස් උප්පුමා

රුලං ( සමෝලිනා ) කප් 3ක් අරගෙන කබලේ බැද ගන්න.
හිනියට කපා ගත් ලුනු ටිකක්
කරපිංචා ටිකක් 
කැරට් හා ලුනු කොල
වෙලිච්ච මිරිස් කැලි ටිකක්
අබ ඇට ටිකක්
රස අනුව ලුණු
මිරිස් කුඩු ටිකක්
වතුර කප් 3 1/2 පමණ (රුලං ගත්ත කප් එකෙන්ම)
රුලං ( සමෝලිනා ) කප් 3ක් අරගෙන කබලේ බැද ගන්න. භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එකට අබ ඇට ටිකක් දාන්න.
එකටම වෙලිච්ච මිරිස් කැලි ටික හා කපා ගත් ලුනු හා කරපිංචා දමා තෙම්පරාදු කරන්න.
පස්සෙ එයට රස අනුව ලුණු හා මිරිස් කුඩු ටික දමා හොදින් මිශ්‍ර කර වතුර ටික දමා හොදින් උණු වෙන්න තියන්න.
වතුර ටික හොදින් නටන කොට කබලේ බැද ගත් රුලං ටික, ටික ටික දමා හොදින් මිශ්‍ර කර ගන්න.
පසු ගින්දර අඩු කර පොඩි පිට්ටු කැට මෙන් හැන්දෙන් කඩා ගන්න
එකට පෙර සදා ගත් මිශ්‍රනය දාන්න. හැබැයි 3/4 ක ප්‍රමාණයක් පමනක් මිශ්‍රනය පුරවන්න පිපෙන්න ඉඩ තියලා.
වන්ඩුවෙ හෝ ස්ටීමරේ තම්බගන්න.

කොෆි කේක්


අවශ්‍ය ද්‍රව්‍ය:
(Sponge එකක් සඳහා)
බිත්තර 10
සීනි ග්‍රෑම් 250
පිටි ග්‍රෑම් 250
වැනිලා තේ හැඳි 2
සාදන ක්‍රමය:
මුලින්ම සීනි හා බිත්තර මිශ්‍ර කරන්න. එය ක්‍රීම් වනතුරු ගසා ගන්න. ඉන්පසු පිටි එක්කර ගන්න. (ටිකෙන් ටික එක් කිරීමෙන් ස්පොන්ජ් එක හොඳින් සාදා ගත හැකියි.) මෙයට කෝපි කුඩු ටිකක් හොඳින් මිශ්‍ර කරගෙන එය පෝරණුවේ සෙල්සියස් අංශක 180ක් උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. කෝපි අයිසින් එක සඳහා කෝපි ක්‍රීම් බටර් අයිසින්වලට මිශ්‍ර කරමින් එයට කජුද එක්කර කේක් එකේ මැදට හා කේක් එකේ වටේ තවරා ගන්න. දැන් මේ ආකාරයට අලංකාර කර ගනිමින් අමුත්තන්ට පිළිගැන්විය හැකිය.

Sunday, June 19, 2016

රොටී



අවශ්‍යය ද්‍රව්‍ය:
පිටි කෝප්ප 2 1/2
ගාගත් පොල් කෝප්ප 1
කැරට්
ලීක්ස්
ළූණු
බිත්තර 1
කරපිංචා
ලුණු තේ හැදි 1
අවශ්‍ය පමණ වතුර



සාදන අයුරු:
මුලින්ම කැරට්, ලීක්ස් හා ළූණු කුඩාවට කපා ගන්න. පිටි ටික භාජනයකට දමා එකටම ගාගත් පොල්, ලුණු එකතු කර කලවම් කරන්න. දැන් ඒ මිශ්‍රණයටම පොඩියට කපාගත්ත එළවළු, කරපිංචා සහ බීට් කරගත් බිත්තරයත් එකතු කර හොඳින් කලවම් කරන්න. අවශ්‍ය නම් මෙයට උම්බලකඩ ස්වල්පයක් එකතු කරගන්න. දැන් වතුර ටික ටික එකතු කරන ගමන් පිටි මිශ්‍රණය අතේ ඇලෙන්නෙ නැති පදමට අනා කුඩා පිටි බෝල සාදාගන්න. කුඩා පිටි බෝල පොල් තෙල් ස්වල්පයක් ගාගත් පැතලි මතුපිටක තුනී කර රොටි තැටියක දමා පදමට පුලුස්සා ගන්න.

Master Chef Android App


Free Download From Google Play :

https://play.google.com/store/apps/details?id=com.masterchef

Iwum Pihum Lite Android App


Google Play වෙතින් නොමිලේ Download කර ගන්න :
https://play.google.com/store/apps/details?id=com.iwumpihumapp

Iwum Pihum Pro Android App




Google Play වෙතින් නොමිලේ Download කර ගන්න :
https://play.google.com/store/apps/details?id=com.iwumpihum